May 20, 2024

ගුරුවරියක් ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර මාරු කරලා

දඹුල්ල වීර මොහාන් ජයමහ විදුහලේදී ශිෂ්‍යත්වයට පිළිතුරු සපයමුන් සිටියදී  සිසුවියන් දෙදෙනකුගේ ප්‍රශ්න පත්‍ර ගුරුවරියක විසින් මාරු කර ඇතැයි වාර්තා වේ.මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණයක්‌ පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
 
විභාගය ආරම්භ වී තිබියදී  ප්‍රශ්න පත්‍ර මාරු කිරීම නිසා තමන්ට අසාධාරණයක්‌ වූ බව සිසුවිය ප්‍රකාශ කර තිබේ.එම සිසුවියන් දෙදෙනා, දෙමවුපියෝ, ශාලාධිපති මෙන්ම ප්‍රශ්න පත්‍ර මාරු කළ බව කියන ගුරුවරිය ද විභාග දෙපාර්තමේන්තුවට කැඳවා පරීක්‍ෂණයක්‌ පැවැත්වීමට නියමිතය.
Rate this item
(0 votes)