May 20, 2024

වැඩබලන විදුහල්පති නිධන් හාරද්දී මාට්ටු

ගල්කිරියාගම, මාරසිංහ හල්මිල්ලෑව ප්‍රදේශයේ පිහිටි සිය මාමණ්‌ඩියට අයත් පෞද්ගලික ඉඩමක නිධන් හාරමින් සිටි බව කියන ගල්කිරියාගම ප්‍රදේශයේ විදුහලක සේවයේ නියුතු වැඩබලන විදුහල්පතිවරයකු  පොලිසිය විසින් රාත්‍රි සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
 
 පොලිසියේ නිලධාරීන් විසින් එම ස්‌ථානය වටලන අවස්‌ථාව වන විටත් සැකකරු විසින් නිධන් සෙවීම සඳහා අඩි පහක්‌ පමණ ගැඹුරින් සහ අඩි එකොළහක්‌ පමණ විශ්කම්භයකින් යුත් වළක්‌ කැණීම් කර තිබී ඇත.මෙම වැටලීමේදී පොලිසිය විසින් උදලු, සවල්, ඇතුළු කැණීම් උපකරණ කීපයක්‌ද සිය භාරයට ගෙනඇත.
Rate this item
(1 Vote)