July 03, 2024

සනත් ජයසුරිය ඇමතිගේ SMS එකට කණ්ඩායම තෝරලා

අමාත්‍යවරයකුගේ කෙටි පණිවිඩයක් නිසා සත්කාරක එංගලන්ත ලයන්ස් කණ්ඩායම සමග පැවති තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගයේදී ලකුණු 51 ක දැවැන්ත පරාජයක් අත්කරගැනීමට ගැනීමට ශ්‍රී ලංකා ඒ ක්‍රිකට් කණ්ඩායමට සිදුව ඇත.මෙම කෙටි පණිවිඩය නිසා සනත් ජයසුරිය කණ්ඩායම වෙනස් කර දක්ෂ පන්දු යවන්නකු වන දුෂ්මන්ත චමීර ඉවත්කර ඇමති පුතකු කණ්ඩායමට එක්  කර ඇත.

මෙම ඇමති පුතා සිය පියාට කෙටි පණිවිඩයක් ඒවා ඇත්තේ තමන්ට ක්‍රීඩා කිරීමට මෙහි අවස්තාවක් නොමැති හෙයින් ක්‍රිකට් ආයතනයට දැනුම් දී ඔහුව නැවත ලංකාවට කැඳවීමට කටයුතු කරන ලෙස සඳහන් කරමිනි.මේ අතර මෙම පණිවිඩය අමාත්‍යවරයා විසින් සනත් වෙත ඒවා ඇත.ඇමති පුතා කණ්ඩායමට ඇතුළත් කර දක්ෂ ක්‍රීඩකයකු ඉවත්කර ඇත්තේ ඒ අනුවය.

Rate this item
(2 votes)