May 19, 2024

නිදහස් මාධ්‍ය කැඳවුම්කරු සමඟ නිමල්කා "බලු" ජාවාරමේ!

තමන් කැඳ වූ සාමයික කේන්ද්‍රයේ සාකච්ඡාව එක්තරාකණ්ඩායමක් විසින් අඩාළ කර දැමීමෙන් අනතුරුව නීතිඥ නිමල්කා ප්‍රනාන්දුට අද, බ්‍රහස්පතින්දා තවත් දුෂ්කර තත්වයකට මුහුණ දීමට සිදුව තිබේ.

බල්ලන් විකිණීමට ඇති බව පවසමින් ඇයගේ දුරකථන අංකයඇතුළත් දැන්වීම් කොටුව දුම්රිය පොළ ඉදිරියේ ඇලවීම මගිනුයි අලුත්ම ප්‍රහාරයඑල්ල කර තිබෙන්නේ.

කොටුව පොලීසියෙන් යනුවෙන් හඳුන්වා තමන්ට කථා කළ පුද්ගලයකු බල්ලන් විකිණීමට ඇත්ද යන්න විමසූ බවයි ඇය පැවසුවේ.

මේ පිළිබඳව කොටුව පොලීසියෙන් විමසූවිට තම නමින්තවත් දුරකථන අංකයක් එම දැන්වීමේ සඳහන්ව ඇති බව දැනුම් දීමෙන් අනතුරව එමදුරකථනය නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ලේකම් සුනිල් ජයසේකරගේ බව හඳුනා ගත් බවඇය සඳහන් කළාය.

තමන් ඇතුළු ක්‍රියාකාරිකයන් විරෝධතා පවත්වනස්ථානයේම මෙම දැන්වීම් අලවා තිබුණු බවත් ඒ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලිකොට ඇති බවත් නීතිඥ නිමල්කා ප්‍රනාන්දු පැවසුවාය.

 

 

Rate this item
(0 votes)
Last modified on Friday, 08 August 2014 11:08