May 19, 2024

චීනය නිකුත් කළ චන්ද්‍රිකා ඡයාරූප අතුරුදන් ගුවන් යානයේ? 

අතුරුදන් වූ මලයාසියානු ගුවන් යානයේ සුන්බුන් බවට සැක සහිත කොටස් කිහිපයක චන්ද්‍රිකා ඡායාරූප කිහිපයක් චීනය නිකුත් කර තිබේ.

දකුණූ චීන මුහුදේ සුදු පැහැති යමක් පාවෙමින් ඇති ආකාරය එම ඡායාරූපයේ දැක්වෙන අතර මෙය බොහෝටිව අතුරුදන්වු යානයේ කොටසක් විය හැකි බවට චීන බලධාරීහු අනුමාන කරයි.

මෙම පැහැදිලිව දක්නට ඇති කොටස මීටර් 24ත් මීටර් 22 ත් අතර විශාලත්වයකින් යුතු එකක් බවට විදෙස් වාර්තා සඳහන් කරයි.

 

මෙම ඡායාරූප පසුගිය ඉරිදා දින එනම් යානය අතුරුදන් වු දිනට පසුදින ලබාගත් ඒවා වන නමුත් චීනයේ චන්ද්‍රිකා ඡයාරූප නිකුත් කිරීමේ ක්‍රමවේදය අනුව ඒවා නිකුත් කිරීම කල්ගත වී තිබේ.

පසුගිය දා අතුරුදන්වු මලයාසියානු ගුවන් යානය සෙවීම සදහා මේවනවිට මලයාසියාව, චීනය, වියට්නාමය සහ ඉන්දියාව යන රටවල් එක්ව සිටී.

 

MH370 දරණ මැලේසියානු යානය පුද්ගලයන් 239 දෙනෙකු සමග පසුගිය සෙනසුරාදා අතුරුදන් වී තිබිණි. 

Rate this item
(0 votes)
Last modified on Thursday, 13 March 2014 11:48