July 03, 2024

ඌව නාම යෝජනා හෙටින් අවසන්

ඌව පළාත් සභා මැතිවරණයට තරග කිරීම සඳහා ප්‍රධාන දේශපාලන පක්‍ෂ අද (05 වැනිදා) සිට නාම යෝජනා පත්‍ර භාරදීමට නියමිතය.ඒ අනුව එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය, එක්‌සත් ජාතික පක්‍ෂය, ජනතා විමුක්‌ති පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂය, ජාතික නිදහස්‌ පෙරමුණ, ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය අද සිට නාම යෝජනා පත්‍ර භාර දෙයි.

එම පක්‍ෂ මේ වනවිට අපේක්‌ෂක නාම ලේඛන අත්සන් ලබාගෙන සම්පූර්ණ කර අවසන් කර ඇති අතර පක්‍ෂවල ජ්‍යෙෂ්ඨයෝ නාම යෝජනා භාරදීමේ අවස්‌ථාවට එක්‌වෙති.මේ අතර මැතිවරණයට තරග කරන ස්‌වාධීන කණ්‌ඩායම්වලින් ඇප මුදල් තැන්පතු භාර ගැනීම අද (05 වැනිදා) මධ්‍යහ්න 12.00 ට අවසන් වෙයි. මේ වනවිට මව්බිම ජනතා පක්‍ෂය බදුල්ල දිස්‌ත්‍රික්‌කයට නාම යෝජනා පත්‍ර භාරදී තිබේ.

නාම යෝජනා පත්‍ර භාර ගැනීමේ කටයුතු සිදුකිරීමට හා අනෙකුත් රාජකාරී සඳහා විශේෂ මැතිවරණ නිලධාරීහු පිරිසක්‌ ඊයේ (04 දා) කොළඹින් පිටත්ව ගියහ.ඌව පළාත් සභාවට තරග කිරීමට නාම යෝජනා පත්‍ර භාර ගැනීම හෙට (06 වැනිදා) මධ්‍යහ්න 12.00ට අවසන් වෙයි. ඉන්පසුව මැතිවරණය පැවැත්වෙන දිනය කොමසාරිස්‌වරයා විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

මෙම සේයාරුවේ දැක්වෙන්නේ නාමයෝජනා ලබා දීමට පෙරත් මහමග තනිකළ බස් රථයක්  අපේක්ෂකයන් ප්‍රචාරණය සඳහා යොදාගෙන තිබු ආකාරයයි.

 

Rate this item
(1 Vote)