July 03, 2024

හරීන් ප්‍රනාන්දු ලණුවක් කාලා 

පාර්ලිමේන්තුවෙන් ඉවත්ව ඌව පළාත් සභාවට තරග කිරීමට සූදානමින් සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ලණුවක් කා තිබෙන බවත් වයඹ පළාත් මහඇමති දයාසිරි ජයසේකර මහතා පවසයි.

ඌව පළාත් සභාවෙන් ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරන බවත්  හරීන් ප්‍රනාන්දු මහතාට ඉතිරි වන්නේ විපක්ෂ නායකකම පමණක් බවත් ඔහු පෙන්වා දුන්නේය. 

“සමහරු පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වෙලා ජනතාව ඉදිරියේ වීරයෝ වෙලා ජයග්‍රහණය කරන්න උත්සාහ ගන්නවා. ඉතින් එහෙම කරන්න බැහැ. හරීන් ප්‍රනාන්දු මහත්තය හොඳ ලණුවක් තමා කාලා තියෙන්නේ. එහෙ ඉතු‍රු වෙන්නේ විපක්ෂ නායකකම විතරයි. ඌවේ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහත්තයා පරාජය කරන්න හරීන් ප්‍රනාන්දු මහත්තයට හම්බවෙන්නේ නැහැ. හරීන් හිතන්න ඇති දයාසිරි වගේ පාර්ලිමේන්තුවෙන් අස්වෙලා පළාත් සභාවට ඉල්ලුවාම මහඇමති වෙන්න පුළුවන් වෙයි කියලා. එහෙම කරන්න බැහැ. ඒක තේරෙන්නේ නැති හැටි.” යනුවෙන්ද හෙතෙම පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසූවේ කුලියාපිටිය ප්‍රදේශයේ වැඩ අවසන් කළ ජල, මාර්ග හා විදුලි ව්‍යාපෘති කිහිපයක් විවෘත කිරීමට එක් වෙමිනි.

 

Rate this item
(0 votes)
Last modified on Sunday, 03 August 2014 15:05