July 03, 2024
×

Warning

JUser: :_load: Unable to load user with ID: 110

පැහැරගත් දිනිඳුගේ ඇත්ත කතාව මෙන්න

පැහැර ගැනීමට ලක්‌ව සොයාගැනුනු දිනිඳු ඒකනායක දරුවා ඊයේ රාත්‍රියේදීම වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කිරීමට පොලිසිය විසින් පියවර ගෙන තිබිණි.‍

දරුවා සොයාගන්නා අවස්‌ථාව වන විට ඔහු දැඩි භීතියටත් කම්පනයටත් පත්ව සිටි බව පරීක්‍ෂණය මෙහෙයවූ නිලධාරියෙක්‌ පැවසීය.

{module LOLC}

මෙම දරුවා දින හතරක්‌ තිස්‌සේම හඬා වැළපෙමින් තම මව්පියන් ඉල්ලා ඇති බව සිදුකරන ලද පරීක්‍ෂණවලින් අනාවරණය වී ඇත.

පැහැරගත් සිව් හැවිරිදි දරුවා කැලැ ප්‍රදේශයක ගල් ගුහාවක රඳවාගෙන සිටි බවත් ඔවුන් දරුවාට නූඩ්ල්ස් කන්නට දුන් බවත් පැවැසීයැයි දරුවාගේ සීයා මීට සුළු මොහාතකට පෙර මාධ්‍යට අදහස් දක්වමින් ගල්ගමුව පොලිසියේ දී කියා සිටියේය. රුපියල් ලක්ෂ 35ක කප්පමක් ඉල්ලා ඇතැයි ද ඔහු පැවැසීය.

දිනිඳුගේ සීයා (දිනුඳුගේ මවගේ පියා) විසින් තම බාල දියණියගේ විවාහය සඳහා රුපියල් කෝටියක මුදලක්‌ ලබාදීමට පොරොන්දු වී ඇත. ඒ පිළිබඳව කප්පම්කරුවන් වෙත තොරතුරු ලැබී තිබූ අතර එම මුදල ලබාගැනීමට ඔවුන් දිනිඳු දරුවා පැහැරගෙන තිබේ.

වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ජගත් අබේසිරිගුණවර්ධන මහතාගේ අධීක්‍ෂණය යටතේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස්‌ කණ්‌ඩායමක්‌ සහ තවත් විශේෂ පොලිස්‌ කණ්‌ඩායම් පහක්‌ දරුවා සොයාගැනීම පිළිබඳව පරීක්‍ෂණ මෙහෙයවූහ.

සැකකරුවන් දින හතරක්‌ තිස්‌සේ ගල්ගමුව පිහිටි නිවසක ඉතාම රහසිගත ආකාරයට දරුවා සිරකර තබාගෙන ඔහුගේ පියාට වරින්වර කතා කර අදාළ කප්පම් මුදල ලබාදෙන ලෙස තර්ජනය කර තිබේ.

සැකපිට අත්අඩංගුවට ගත් සිවු දෙනා අතර ඔහුගේ ඥාතියකු ද සිටින බව පොලිසිය කියයි. අතරගල්ල දෙදෙනෙක් ද, නාගරකුලමේ එක් අයක් ද මීගලෑවේ එක් අයකු ද සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

මේ අතර මීගල්ලෑවේ දී පැහැරගත් දරුවා බේරාගැනීමට මාධ්‍ය විශාල සහයෝගයක් දුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි. ඒ මහතා වැඩිදුරටත් මෙසේ ද කීවේය. 

 ‘‘ දරුවා පැහැරගෙන ගියේ කප්පම් මුදලක් ගැනීමට. මේ බව දැන සිටියත් මාධ්‍ය ඉතාමත් වගකීමෙන් කටයුතු කරමින් ඒ බව වාර්තා කළේ නැහැ. විමර්ශන කටයුතු කරද්දී අපිට මාධ්‍යයට දීමට පුළුවන් වුණේ තොරතුරු වලින් කොටසක් පමණයි.

මාධ්‍ය එය කීවානම් කප්පම් කරුවන් දරුවා මරා දැමීමට පවා ඉඩ තිබුණා. දරුවාගේ සීයා මවගේ තාත්තා ප්‍රදේශයේ ධනවත් ව්‍යාපාරිකයෙක් නිසා තමයි මේ කප්පම් ගැනීමට උත්සාහ කරලා තිබෙන්නේ. කෝටියක කප්පමක් ඉල්ලුවා. එය ලක්ෂ 35 දක්වා අඩුකර ගැනීමට හැකිවුණා.

මාධ්‍ය මේ අවස්ථාවේ දැඩි වගකීමක් අරගෙන කටයුතු කිරීම හේතුවෙන් අපිට දරුවාගේ ජීවිතය බේරාගැනීමට හැකියාව ලැබුණා. ඒ නිසා විශේෂයෙන් ම එවැනි මාධ්‍ය ආයතනවලට මේ අවස්ථාවේ ස්තූති කළ යුතුයි. මෙය පොලිස් දෙපාර්තමේන්තුව පමණක් ලැබූ ජයග්‍රහණයක් පමණක් නොවෙයි. 

පැහැරගත් සිව් හැවිරිදි දරුවා කැලැ ප්‍රදේශයක ගල් ගුහාවක රඳවාගෙන සිටි බවත් ඔවුන් දරුවාට නූඩ්ල්ස් කන්නට දුන් බවත් පැවැසීයැයි දරුවාගේ සීයා මීට සුළු මොහාතකට පෙර මාධ්‍යට අදහස් දක්වමින් ගල්ගමුව පොලිසියේ දී කියා සිටියේය. රුපියල් ලක්ෂ 35ක කප්පමක් ඉල්ලා ඇතැයි ද ඔහු පැවැසීය.

 

Rate this item
(0 votes)
Last modified on Saturday, 02 August 2014 11:54