July 03, 2024

හඩ්සන් සමරසිංහ ප්‍රේමකීර්ති ගේ බිරිඳට කුණුහරපෙන් බැණලා

ප්‍රේමකීර්ති ද අල්විස්ගේ මිනීමරුවන් ජනපති සෙවණේ සිටින බවට ඇඟේ බිරිඳ නිර්මලා ද අල්විස් මහත්මිය ජනාධිපතිවරයාට පැමිණිලි කිරීම පිළිබඳව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ මහතා අමනාපයට පත්ව අද පෙරවරුවේදී ඇයට දුරකථනයට ඇමතුමක් ලබා දී අසභ්‍ය වචනයෙන් බැණ වැදුනු බවයි වාර්තාවන්නේ.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා  ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ඊයේ පැවති ප්‍රේමකීර්ති ද අල්විස් ගුණ සමරුව සංවිධානය කර තිබුණේ ගුවන්විදුලි සංස්ථාවේ සභාපති වන හඩ්සන් සමරසිංහ මහතාගේ දායකත්වයෙනි.

මෙම සමරුවට සමගාමීව "ජවිපෙ මැරූවන් සමරමු" යන ප්‍රදර්ශණයක්ද හඩ්සන් සමරසිංහ මහතා විසින් සංවිධානය කර තිබූ අතර එම ප්‍රදර්ශණය මඟින්  ජනතා විමුක්ති පෙරමුණ විසින් පේ‍්‍රමකීර්ති ඝාතනය කල බවක් ඇඟයීමට උත්සාහාගෙන තිබිණ. එහිදී නිර්මලා මහත්මිය විසින් සිය සැමියාගේ ඝාතකයින් ජනපති සෙවණේ සිටින බවට ප්‍රකාශකර තිබිණ.

 

Rate this item
(4 votes)
Last modified on Friday, 01 August 2014 13:26