July 03, 2024

ඈවරයි දෑවරයි ...ගුවන්විදුලිය තුන් ඈවරයි

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සතු ජා-ඇල ඒකල පිහිටි අක්කර 71ක ඉඩම විකිණීමට එහි සභාපති හඩ්සන් සමරසිංහ මහතාගේ යෝජනාවකට අනුව ගුවන්විදුලි සංස්ථාව තීරණය කර ඇතැයි මාධ්‍ය වාර්තාවක සඳහන් වෙයි.

අලෙවි කිරීමෙන් ලැබෙන මුදලින්  සංස්ථාව නවීකරණය කිරීම, අතිරික්ත සේවකයින් සඳහා ස්වේඡා වන්දි ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම, සංස්ථාවේ ගුවන් විදුලි නාලිකාවල වඩසටහන්වල අන්තර්ගතය පෞද්ගලික නාලිකා සමග තරග කළ හැකි ලෙස වැඩිදියුණු කිරීම යනාදිය යෝජනා කර ඇත.{module LOLC}

මේ අතර ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රධාන කාර්යාලයේ සිට විකාශනය කෙරෙන ගුවන්විදුලි නාලිකා 07 නාලිකා 04 දක්වා අඩු කිරීමටද යෝජනා කර තිබේ.

Rate this item
(1 Vote)
Last modified on Thursday, 31 July 2014 01:44