May 18, 2024

දුම්රිය ගේට්ටුව මරු කපොල්ලක්

ගාල්ල - මාතර ප්‍රධාන මාර්ගයේ මිහිරිපැන්න හන්දියේ සිට හීනටිගල දක්වා ඇති මාර්ගයේ ඇති දුම්රිය හරස් මාර්ගයට යොදා ඇති ගේට්ටුව මරු කපොල්ලක් වී ඇති බව ප්‍රදේශවාසීහු පවසති. 

මෙහි ඇති ගේට්ටුව විවෘත කර තිබෙන අවස්ථාවලදී විදුලි රැහැන්වල සහ දුරකථන රැහැන්වල පැටලෙමින් පවතින බවත් යම් අවස්ථාවක දුම්රිය පැමිණෙන අවස්ථාවක මෙය පැටලීම නිසා ගේට්ටුව වැසීමට නොහැකි තත්වයක් ඇතිවීමට පවා මෙහි දී සිදුවිය හැකි බවත් වාර්තා වෙයි. 

මෙම ගේට්ටුව නිසා අදාල රැහැන්වලට හානි සිදුවීම නිසා එමඟින් ද අනතුරක් ඇති වීමට හැකියාව ඇත.

විශාල අනතුරකට අතවනන මෙම ගේට්ටුව වහා පිළිසකර කර දෙන මෙන් ප්‍රදේශවාසීන් ඉල්ලා සිටී.

Rate this item
(0 votes)