May 18, 2024
×

Warning

JUser: :_load: Unable to load user with ID: 110

නීතිඥ සභාපති පසුපස පැන්නූවන්ගේ දර්ශන හමුවේ

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා පසුපස යතුරුපැදියකින් පුද්ගලයන් දෙදෙනකු ලුහුබැඳ එන දර්ශන සීසීටීවී කැමරා ඔස්‌සේ පොලිසියට ලැබී ඇති බව වාර්තා වේ.

මහා මාර්ගයේ පොලිසිය විසින් සවිකර තිබෙන සීසීටීවී කැමරා සහ ඒ අවට නිවාසවල සවිකර ඇති කැමරාවලින් ද උපුල් ජයසූරිය මහතාගේ කාර්යාලය සහ නිවාස අසල වෙනත් නිවෙස්‌වල සවිකර ඇති සීසීටීවී කැමරා ඔස්‌සේ ද කොළඹ අපරාධ කොට්‌ඨාසය විසින් සැකකාර යතුරුපැදිකරුවන් සිටින දර්ශන සොයාගෙන ඇත.

උපුල් ජයසූරිය මහතාගේ නිවස අසල යතුරුපැදියේ පැමිණි සැකකරුවන් දෙදෙනාට අමතරව තවත් පුද්ගලයකු සිටින අයුරු ද, සැකකරුවන් වරින්වර ඔහු සමඟ ද කතාබහ කරන ආකාරය ද කැමරාවල සටහන්ව ඇතැයි පරීක්‍ෂණ පවත්වන පොලිස්‌ නිලධාරියකු සඳහන් කරයි.

ජයසූරිය මහතා පසුගිය 15 වැනිදා අලුත්කඩේ සිට ගලධාරි හෝටලය වෙත සිය රථයෙන් ගමන් කරන විට සහ පසුව සිය කාර්යාලය වෙත ගමන් කරන විටදී ද සම්පූර්ණයෙන් මුහුණ ආවරණය වන පරිදි හෙල්මට්‌ පැළඳ සිටි සැකකරුවන් දෙදෙනා ජයසූරිය මහතාගේ නිවස අසල ඉන් දින දෙකකට පසුව සිට ඇත්තේ හෙල්මට්‌ නොමැතිව බව ද කැමරා දර්ශනවලින් අනාවරණය වී ඇත.

Rate this item
(0 votes)