May 18, 2024

පොලීසියේ කම්කරු වැඩට යෙදවූ කොස්‌තාපල් මානව හිමිකම් කොමිසමට

වසර 28 ක සේවා කාලයක්‌ ඇති කොස්‌තාපල්වරයකු බොරැල්ල පොලිසිය සුද්ද පවිත්‍ර කිරීමේ රාජකාරියට යොදවා ඇතැයි ලැබුණු පැමිණිල්ලක්‌ මත ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ඊයේ (29) පරීක්‌ෂණ ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.

මෙම සිද්ධියට මුහුණ දී සිටි කොස්‌තාපල්වරයා විසින් එම පැමිණිල්ල පසුගිය 28 වැනිදා පැමිණ භාරදුන් බව එම කොමිසමේ කොමසාරිස්‌, කථිකාචාර්ය ප්‍රතිභා මහානාම මහතා පැවැසීය.

වසර 28 ක සේවා කාලයක්‌ තිබූ තමාට පැවරී තිබූ පොලිසිය අතුගෑමේ රාජකාරියේ යෙදී සිටියදී පෞද්ගලික විද්යුත් මාධ්‍ය ආයතනයක්‌ මගින් එය පටිගත කර විකාශනය කර ඇති බවත් ඉන්පසු තමාගේ සේවය අත්හිටුවූ බවත් පැමිණිල්ලේ සඳහන් කර ඇත.

පොලිස්‌ කොස්‌තාපල්වරයා ඉන් තමාට සිදුවූ අසාධාරණයට සාධාරණය ඉටුකර දෙන ලෙස ඉල්ලා ඇතැයිද කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසීය.

Rate this item
(0 votes)