May 18, 2024

දැඩි නියඟය අලි මිනිස් ගැටුම් උග්‍ර කරයි

හම්බන්තොට ආයෝජන කලාපයට අයත් ප්‍රදේශයකට වනඅලි ඇතුළු වී ඇති බවට හම්බන්තොට වන ජීවී කාර්යාලයට ලැබුණු තොරතුරකට අනුව ඒම වනඅලි පළවා හැරීමේ විශේෂ මෙහෙයුමක් හම්බන්තොට වනජීවී කාර්යාල නිලධාරීන් විසින් දියත් කර තිබුණි. මෙම මෙහෙයුම පැය ගණනාවක් ක්‍රියාත්මක වී තිබුණු අතර  ආයෝජන කලාපයට අයත් මායිම් ලකුණු කරන ලද වැටකට ද වනඅලි හානි කර තිබේ. 

පවතින නියං තත්ත්වය හේතුවෙන් මෙම ප්‍රදේශයේ වනඅලින්ටද ජල පරිහරණයට ඇත්තේ ඉතා කුඩා වැවකි. මේ අතර බහුල ලෙස ප්‍රදේශය ඒළි පෙහෙළි කිරීම නිසා වනඅලින්ට ගැවසීමට ඇත්තේ ඉතා කුඩා බිම් ප්‍රමාණයකි. මේ හේතුවෙන් ප්‍රදේශයේ සිටින වනඅලි ගැමියන් වෙසෙන ප්‍රදේශ කරා ඇදෙන බව වාර්තා වෙයි.අලි මිනිස් ගැටුම උග්‍ර වීමට  මෙම තත්ත්වයද බලපා තිබේ.

රාහුල් සමන්ත - හම්බන්තොට

 

 

Rate this item
(0 votes)