May 05, 2024

පිල්ලේගේ වාර්තාව සමබරතාවයෙන් තොරයි -පාකිස්ථානය 

ජාත්‍යන්තර මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලේ මහත්මිය ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කළ වාර්තාව සමබරතාවයෙන් තොර වාර්තාවක් බව ජිනීවාහී පාකිස්ථානු නිත්‍ය නියෝජිත සමීර් අක්‍රම් මහතා පවසයි.

අන්තර්ජාතික පරීක්ෂණ නිර්දේශ කිරීම්වලදී පවතින පවතින අසමතුළිතභාවය එයට එක් උදාහරණයක් වශයෙන් ඒ මහතා පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාව යනු ප්‍රජාතත්ත්‍රවාදී  භාවයෙන් ඉතා උසස් ස්ථානයක සිටින රාජ්‍යක් බව ද හෙතෙම සඳහන් කරයි.

විදෙස් රටවල ද සහයෝගය ඇතිව ශ්‍රී ලංකාව තුළ තිස්වසරක් පැවති මෙලේඡ්ච යුද්දය නිමා කිරීමට හැකි වූ බව නිත්‍ය නියෝජිතවරයා ප්‍රකාශ කරයි.

Rate this item
(0 votes)