May 18, 2024
×

Warning

JUser: :_load: Unable to load user with ID: 110

ලංකාවේ අල්ලන කුඩු යළිත් අපනයනය කිරීමේ ජාවාරමක් ?

මෙරට තුළදී රේගු නිලධාරීන් හා පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් හෙරොයින් ප්‍රමාණය පිළිබඳව ගැටලු ඇති වී තිබෙන නිසා අත්අඩංගුවට ගත් හෙරොයින්වලට  සිදුවූයේ කුමක්ද යන්න වහාම විගණකාධිපති දෙපාර්තමේන්තුවට හරහා විගණනයක් සිදුකරන ලෙස එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි. 

ඊයේ (29දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී නිතීඥ අජිත් පී. පෙරේරා මහතා වැඩිදුරටත් සඳහන් කළේ ශ්‍රී ලංකාව හෙරොයින් ප්‍රතිඅපනයනය කරන රටක් බවට පත්කිරීමට ආණ්ඩුවේ දේශපාලඥයන් කටයුතු කරන බවත්, ඔවුන්ට ලැබී ඇති රාජ්‍යතාන්ත්‍රික පාස්පෝට් උපයෝගී කරගෙන හෙරොයින් ප්‍රතිඅපනයනය කරන බවත්ය.

හෙරොයින් ප්‍රමාණය හා විනාශ කළ හෙරොයින් ප්‍රමාණය සහ හෙරොයින් විනාශ කළ දිනය, විනාශ කළ ස්ථානය සහ දැනට අධිකරණය හෝ පොලීසිය භාරයේ ඇති හෙරොයින් ප්‍රමාණය ගැන රටට හෙළිකරන ලෙසද එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වැඩිදුරටත් සඳහන් කළේය.  

 

Rate this item
(0 votes)