May 18, 2024

පුංචි බොරැල්ලේ ඕතා "මීනි පෙට්ටියෙන්" කුඩු ඇදලා

කුඩු කිලෝ 17ක් මිනී පෙට්ටියක සඟවාගෙන බොරැල්ලේ සිට මිනුවන්ගොඩට ප්‍රවාහනය කළ බවට පොලීසියෙන් සොයමින් සිටි පුංචි බොරැල්ලේ ඕතා හෙවත් වසන්ත සංජීව අබේවීර ඊයේ (29) පස්වරුවේ බොරැල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය 16 වැනි දා වනාතමුල්ලේදී අත්අඩංගුවට ගත් කුඩු තිලාන්ගේ ගෝලයෙකු වන දිනූෂ්ගෙන් ලබාගත් හෙරොයින් කිලෝ 17ක් මිනී පෙට්ටියක අසුරා මිනුවන්ගොඩට ප්‍රවාහනය කර ඇති බවට ලැබුණ තොරතුරකට අනුව මෙම මෙහෙයුම සිදු කළ බව පොලීසිය පවසයි.

ඕතා බොරැල්ලේදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඕතා විසින් මිනුවන්ගොඩට ප්‍රවාහනය කරන ලද හොරොයින් කිලෝ 17 පුද්ගලයින් කිහිපදෙනෙකු අතර බෙදා දී ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් එම හොරොයින් තොගය සොයා ගැනීමට තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවත් බොරැල්ල පොලීසිය පැවසීය. 

 

Rate this item
(0 votes)