May 07, 2024

සෝලංග ජනපතිව මග හරී

කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න සෝලංගආරච්චි මහතා පසුගියදා ජනාධිපතිවරයාව මගහැර ඇතිබව වාර්තා වෙයි .අයි .ඩී .එච් . ප්‍රදේශයේ ජල යෝජනාක්‍රමයක් ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයකදී මෙලෙස මගහැර ගොස් තිබෙනවා .

මෙම උත්සවයේ පිළිගැනීමේ කතාව සඳහා ඔහුට ආරාධනා කළද එය ප්‍රතික්ෂේප කර ඇතැයි සඳහන් .පසුව ජනාධිපති වරයා සමග උත්සව වේදිකාවට ගොඩ නොවූ ඔහු මාධ්‍ය ඒකකයේ බස් රථයට ගොඩවී සිටි බව" ඒෂියන් මිරර් "වාර්තාකරු සඳහන් කළේය .

ප්‍රසන්න සෝලංගආරච්චි මහතා භාරත ලක්ෂ්මන්  ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනයට පසුව කොලොන්නාව ආසන සංවිධායක තනතුර අපේක්ෂා කළ අතර එය නොලැබීම නිසා තව දුරටත් කළකිරීමට ලක්විය.

Rate this item
(3 votes)