May 05, 2024

බාබර් සැලෝන් එකේදී පෙම්වතිය සමූහ දූෂණය කරයි

බාබර් සාප්පුවක් තුළදී තරුණියක්ව සමුහ දුෂණය කළ බව කියන සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් සිව් දෙනෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව මුන්දලම පොලීසිය පවසයි.

උඩප්පුව ප්‍රදේශයේ පිහිටි බාබර් සාප්පුවක් තුළදී මෙම සමුහ දුෂණය සිදුවී ඇත. අතවරයට ලක්ව ඇත්තේ උඩප්පුව කොට්ඨාශ අංක 06 පදිංචිව සිටින 17 හැවිරිදි තරුණියකි.

තමන් මීට මාසයකට පමණ පෙර තම පෙම්වතා වන කරණවැමියෙකු හමුවීම සදහා ඔහු සේවය කරන බාබර් සාප්පුවට ගිය අවස්ථාවේදී පෙම්වතා ඇතුළු 06 දෙනෙකු තමන්ට වරින් වර අතවර කළ බව සිද්ධියට මුහුණ දුන් තරුණිය පසුගිය ජූලි 02 වැනිදා මුන්දලම පොලීසියට පැමිණිළි කරමින් පවසා ඇත.

ඒ අනුව මුන්දලම පොලීසිය විසින් පරීක්ෂණ ආරම්භ කරන ලදි. මෙම සිද්ධියට සම්බන්ධ තරුණයින් මුලතිව් ප්‍රදේශයට ධීවර රැකියාව සදහා ගොස් නැවත උඩප්පුව ප්‍රදේශයට පැමිණි  අවස්ථාවේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මුන්දලම පොලිස් ස්ථානාධිපති ලලිත් සදසිරි මහතා ඇතුළු නිලධාරීන් වැඩිදුර විමර්ශණ කටයුතු කර ගෙන යයි.  

ජුඩ් සමන්ත

 

Rate this item
(0 votes)
Last modified on Monday, 28 July 2014 17:01