May 05, 2024

ඉතාලියේ 'CLO 'තුන්කොන් ක්‍රිකට් සටන 'ඒෂියන් මිරර්' මාධ්‍ය අනුග්‍රහයෙන්

ඉතාලියේ මිලානෝ නුවර පිහිටි CLO සමුහ ව්‍යාපාරය විසින් වසරක් පාසා සංවිධානය කරනු ලබන "තුන්කොන් ක්‍රිකට් සටන" මෙවර අගෝස්තු 3 වෙනිදා පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත.CLO සමුහ ව්‍යාපාරයට අනුබද්ධව ඉතාලියේ පියෙවේ, ලකෙරෙල්ල,තොර්තොනා නගර වල පිහිටි ශාඛා එක්ව මෙම තුන්කොන් ක්‍රිකට් සටන පැවැත්වීම විශේෂත්වයක්.එනිසා තුන්කොන් ක්‍රිකට් සටන සඳහා එක්වන කණ්ඩායම් තුන නම් කර තිබෙන්නේද පියෙවේ, ලකෙරෙල්ල සහ තොර්තොනා ලෙසයි.

මෙම කණ්ඩායම් තුනට, අදාළ නගර වල පිහිටි CLO ශාඛා වල සේවය කරන ශ්‍රීලාංකිකයන්, ඉතාලිජාතිකයන් මෙන්ම තවත් විදේශීය ජාතිකයින් කිහිප දෙනෙකුද ඇතුලත්.මෙහි ඇති සුවිශේෂත්වය වන්නේ මෙම කණ්ඩාම් ත්‍රිත්වයටම වැඩි දායකත්වයක් ශ්‍රීලාංකික ශ්‍රමිකයින් විසින් ලබාදීමයි.

මේ වන විට CLO සමුහ ව්‍යාපාරය තුළ ශ්‍රීලාංකික ශ්‍රමිකයින් 250ක් පමණ සේවය කරන අතර ,ආයතන විසින්  සංවිධානය කෙරෙන ඕනෑම පොදු කටයුත්තකදී මෙන්ම මෙම තරඟය සංවිධානයේදීත් විශාල කාර්යයක් කරනු ලබන්නේ ශ්‍රීලාංකික ශ්‍රමිකයින්.මෙවර තුන්කොන් ක්‍රිකට් සටන පැවැත්වෙන්නේ via alpina 01 pieve emanuele යන ස්ථානයේයි.

මේ සඳහා මාධ්‍ය අනුග්‍රහය ලබාදෙන්නේ " ඒෂියන් මිරර් " වෙබ් අඩවියයි

Rate this item
(2 votes)