May 05, 2024

ජවිපෙ නායකයා කොළඹ ජාතික රෝහලට 

රත්නපුර, කිරිඇල්ලේ ප්‍රදේශයේදී රිය අනතුරකින් තුවාල ලැබූ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා රත්නපුර රෝහලෙන් කොළඹ ජාතික රෝහලට මාරු කර ඇති බව වාර්තා වෙයි.

රත්නපුර පානදුර මාර්ගයේදී වැලි ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් අනුර කුමාර දිසානායක මහතාගේ වාහනයේ ගැටීමෙන් අද (28) පෙරවරුවේ සිදුවූ අනතු‍රින් පසු අනුර කුමාර දිසානායක මහතා රත්නපුර මුලික රෝහලට ඇතුළත් කළේය.

මේ හේතුවෙන් අනුර කුමාර දිසානායක මහතාගේ පපුව ප්‍රදේශයේ තැල්මක් ඇති වී ඇති බවත් එය බරපතල නොවන බවත් ජවිපෙ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 29 July 2014 07:38