May 05, 2024

පුත්තලම යුධ හමුදා කඳවුරේ පිපිරීමක්

පුත්තලම යුධ හමුදා කදවුරේ පැවති විසිර යාමේ උත්සවයක් අතර අද (28) පෙරවරු 10.30ට පමණ සිදුවූ පිපුරුමකින් හමුදා සෙබළෙකු තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇත.

තුවාල ලබා රෝහල් ගත කර ඇත්තේ පුත්තලම යුධ හමුදා කදවුරේ බෝම්බ නිෂ්ක්‍රීය අංශයට අනියුක්තව සේවය කර ලාන්ස් කෝප්රල් ලලිත් කුමාර නම් අයෙකි.

හමුදා සෙබළුන්ගේ විසිර යාමෙන් පසුව පැවති සංදර්ශණයකදී මෙම පිපුරුම සිදුවී ඇති බව පොලීසිය පැවසී ය.

යුධ හමුදා පොලීසිය වැඩිදුර පරීක්ෂණ කරගෙන යයි.

පුත්තලම - ජුඩ් සමන්ත 

 

Rate this item
(0 votes)