May 05, 2024

ජා - ඇල වෙඩි තැබීමෙන් රෝහල් ගත කළ පුද්ගලයා මරුට

ජා- ඇල, රුක්මනී දේවී මංසන්දිය අසලදී අද (28) පෙරවරුවේ සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

අද පෙරවරු 8.30ට පමණ යතුරු පැදියකින් පැමිණි අයෙකු ඔහුට වෙඩි තබා පලා ගොස් තිබිණ. එම වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබිණි.

අනතුරව ප්‍රතිකාර ලබමින් සිටි එම පුද්ගලයා මියගොස් තිබේ. වෙඩි වැදීමෙන් මෙලෙස ජීවිතක්ෂයට පත් වූයේ,  ජා- ඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

බැංකුවක් වෙත මුදල් රැගෙන යමින් සිටියදී ඔහුට එම වෙඩි ප‍්‍රහාරයට එල්ල වී ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි. 

සිද්ධියට සම්බන්ද පුද්ගලයින් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත.

Rate this item
(0 votes)