May 05, 2024

යුධ හමුදා සෙබළියන් සූදු කෙළියට ගිහින්

පනාගොඩ, මැදමන්ඩිය මාර්ගයේ පවත්වාගෙන ගිය නීති විරෝධී සූදු පොළක් වටලා සැකකරුවන් 07 දෙනෙක් පානදුර,වලාන දූෂණ මර්ධන ඒකකය විසින් ඊයේ(27) මධ්‍යම රාත්‍රියේදී අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වෙයි.

මෙම සූදුපොළ රාත්‍රී 10.30 ට ආරම්භ කර අලුයම දක්වා පවත්වාගෙන යන බවට පානදුර දූෂණ මර්දන ඒකකයට ලැබුණු තොරතුරකට අනුව වැටලීම සිදුකර ඇත. 

එම අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර, පනාගොඩ යුද හමුදා කඳවුරේ සේවයේ නියුතු යුද හමුදා කෝප්‍රල්වරියක් හා සෙබළියක්ද සිටින බව පානදුර, වලාන දූෂණ මර්ධන ඒකකය පැවසී ය. 

සූදු පොළෙහි තිබී රුපියල් එක්ලක්ෂ තිස් හය දහසක මුදලක් සොයා ගැනීමට හැකි වූ බවත්, වැඩිදුර ප්‍රශ්න කිරීමෙන් අනතුරුව සැකකරුවන් අතුරුගිරිය පොලිස් ස්ථානයට භාරදුන් බවත් එම ඒකකය සඳහන් කරයි. 

සැකකරුවන් අද (28) හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 

Rate this item
(0 votes)
Last modified on Monday, 28 July 2014 13:01