May 03, 2024

ජා - ඇලදී වෙඩි තැබීමක් 

ජා ඇල ප‍්‍රදේශයේදී අද (28) පෙරවරුවේ යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු පුද්ගලයෙකුට වෙඩි තබා පලාගොස් ඇතැයි වාර්තා වෙයි.

එම වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයා මේ වනවිට රාගම ශික්ෂණ රෝහලේ ප‍්‍රතිකාර ලබයි. 

බැංකුවක් වෙත මුදල් රැගෙන යමින් සිටියදී ඔහුට එම වෙඩි ප‍්‍රහාරයට එල්ල වී ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි. 

වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ ජා- ඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සිද්ධියට සම්බන්ද පුද්ගලයින් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත.

 

Rate this item
(0 votes)
Last modified on Monday, 28 July 2014 12:02