May 03, 2024

හම්බන්තොට "ලුණු" කන්න බෑ (ඡායාරූප සහිතයි)

හම්බන්තොට, චිත්‍රාගල ලේවායේ මේ දිනවල පවතින නියඟය හේතුවෙන් ලුණු මිදීම සිදුවන අතර එම මිදෙන ලුණු කඩා ගැනීමට ප්‍රදේශයේ පිරිස් ලේවායට පැමිණ සිටින බව වාර්තා වෙයි.

ලේවායෙන් කඩන ලුණු මිනිස් පරිභෝජනයට කිසිසේත්ම සුදුසු නොවන බව හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ සැලසුම්  වෛද්‍ය යූ. පී මාලක මහතා පැවසී ය.

ලුණු කැඩීම නතර කිරීමට වහා පියවර ගන්නා බවත් චිත්‍රාගල ලේවාය මසුන් ද මිය ගොස් සිටින බවත් වෛද්‍ය යූ. පී මාලක මහතා සඳහන් කළේය.

ලේවාය අවට හෝටල් කිහිපයක් ද පිහිටා ඇති අතර ඒවායින් අපවිත්‍ර ජලය ලේවායට මුසු වීම සිදුවන බව වාර්තා වෙයි. 

Rate this item
(1 Vote)