May 03, 2024

තංගල්ල සභාපති තවමත් නෑ 

තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සිරදඬුවම් ලබා බන්ධනාගාර ගත කිරීම හේතුවෙන් පුරප්පාඩු වූ සභාපතිධූරයට මේවන තෙක් කිසිදු පුද්ගලයෙකු පත් කර නොමැති බව තංගල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු සඳහන් කරති.   

තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට වසර 20 ක සිරදඬුවමක් ලැබී තිබෙන බැවින් ප්‍රාදේශීය සභාවේ වැඩකටයුතු කරගෙන යාමට සභාපතිවරයෙකුට පැවරිය යුතු වුවත් මෙතෙක් එම කටයුත්ත සිදුකර නොමැති බව ඔවුන් ප්‍රකාශ කර සිටී.

බ්‍රිතාන්‍ය ජාතික සහන සේවකයෙකු වූ කුරාම් ෂෙයික් මරා දමා ඔහුගේ පෙම්වතිය වූ වික්ටෝරියා සමූහ දූෂණයට ලක් කල බවට එල්ල වූ චෝදනාවලට තංගල්ල ප්‍රාදේශීය සභාව් හිටපු සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ ඇතුළු විත්තිකරුවන් සිව්දෙනෙකුට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩසහිත වසර 20 ක සිරදඬුවම් නියම කර තිබිණි.

තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ ප්‍රාදේශිය සභාවේ සභාපති නිල කාමරයේ යතුර ද රැගෙන ගොස් ඇති බව වාර්තා වෙයි. 

මේ හේතුවෙන් ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයෙකු පත් කළද නිල කාමරයේ යතුර නොමැති වීමෙන් වැඩ ඇරඹීමේ කටයුතුවලද බාධා මතුව තිබේ.

 

Rate this item
(0 votes)