May 03, 2024

බත්තලන්ගුණ්ඩුවේ ගැටුමකින් තුනක් රෝහලේ 

බත්තලන්ගුණ්ඩුව දූපතේ තාවකාලිකව පදිංචිව සිටින ධීවරයින් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව කල්පිටිය පොලීසිය පවසයි.

27 වැනිදා සවස මෙම ගැටුම හට ගෙන ඇති අතර තුවාලකරුවන් දෙදෙනෙකු කල්පිටිය දිසා රෝහලට ඇතුළත් කර ඇති අතර එක් අයෙකු පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇත.

කල්පිටියට උතුරින් මුහුද මැද පිහිටි බත්තලන්ගුණ්ඩුව දූපත තුළ පවුල් 500 ක් පමණ වාසය කරති. විවිධ ප්‍රදේශවලින් පැමිණ පදිංචිව සිටින මෙම පිරිස් ධීවර කර්මාන්තය තම ජීවෝනෝපාය කර ගෙන ඇත.

තලවිල ප්‍රදේශයේ සිට බත්තලන්ගුණ්ඩුව දූපතට ධීවර රැකියාව සදහා ගොස් සිටින පිරිසක් දිය නෑම සදහා දූපතේ එක් ප්‍රදේශයකට ගිය අවස්ථාවේදී මීගමුව සිට පැමිණ සිටින පිරිසක් අතර ගැටුම සිදුවී ඇති බව පොලීසිය පැවසීය.  

මෙම ගැටුමට සම්බන්ධ පිරිස් හදුනා ගෙන ඇති බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීම සදහා පරීක්ෂණ සිදු කරන බවත් මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී කල්පිටිය පොලීසියේ නිලධාරියෙකු පැවසී ය.

මෙ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ. 

ජුඩ් සමන්ත

 

Rate this item
(1 Vote)