May 03, 2024

මැලේසියා ගුවන් සමාගම 'හැව' අරින ලකුණු

අපකීර්තිය මකා ගැනීමට තම ගුවන් සමාගමේ නම වෙනස්කැර ගුවන් ගමන් මාර්ග ද නැවත සකස් කිරීමට තීරණය කැර ඇතැයි මලයාසියා ගුවන් සේවය පවසයි. ඔවුන් පවසන්නේ තම වෙළඳ ප්‍රතිපත්ති යළි සකස්කරන බවයි.

මලයාසියා ධජය ලාංඡනය කරගනිමින් ක්‍රියාත්මක මෙම ගුවන් සේවය සඳහා නව ආයෝජකයෙක් සොයා ගැනීමට ද මලයාසියා  බලධාරීහු පියවර ගනිමින් සිටිති. මලයාසියා ගුවන් සේවය දිනකට මගීන් 50,000 ක් පමණ ප්‍රවාහනය කරන අතර එහි සේවක සේවිකාවන් 20000 ක් පමණ සේවය කරති. 

Rate this item
(1 Vote)