May 03, 2024

බුද්ධි අංශ වෙස් ගත් සුදු වෑන් කල්ලියක් දැළේ

සුදු වෑන්වලින් යාපනයේ නිවෙස්වලට ගොස් රජයේ බුද්ධි අංශ නිලධාරීන් බව කියමින් කොල්ලකෑම්වල යෙදුන පුද්ගලයන් සිව්දෙනෙකු සොරාගත් දේපළද සමග අත් අඩංගුවට ගත් බව යාපනය ‍පොලීසිය පවසයි. ඉකුත් කාලයේ දී යාපනය, මානිප්පායි, කයිට්ස් , අච්චුවේලි , කෝපායි , චුන්නාකම් ආදී ප්‍රදේශවලට සුදු වෑන්වලින් ගොස් ඇති පිරිසක් තමන් ත්‍රස්ත විමර්ශන ඒකකයේ හා රහස් ‍පොලීසියේ නිලධාරීන් යැයි හඳුන්වා දී ත්‍රස්තවාදී සිදුවීම් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට ඇතැයි පවසා බිය ගන්වා මුදල්  හා දේපළ කොල්ල කා ඇත.

 

Rate this item
(0 votes)