May 03, 2024

'වෙලේසුදා' අල්ලන්න පකිස්ථාන මෙහෙයුමක්

ශ්‍රී ලංකාවට මහා පරිමාණයෙන් මත්කුඩු සපයන ජී. සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා නොහොත් බඩෝවිට සුදා අල්ලා ගැනීම සඳහා සහාය ලබාදෙන ලෙස පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශය පාකිස්‌තාන් පොලිසියෙන් විශේෂ ඉල්ලීමක්‌ කර ඇත.

මේ අතර ජාත්‍යන්තර පොලිසිය මගින්ද මොහුට ලෝක වරෙන්තුකරුවකු ලෙස රතු නිවේදන නිකුත් කර ඇත.වෙලේ සුදා වැඩි කාලයක්‌ පකිස්‌තානයේ ගැවසෙන අතර ඔහු ඇතැම් අවස්‌ථාවලදී රටින් රටට කට්‌ටි පනින බවට තොරතුරු ලැබී ඇතැයි පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරියෙක්‌ පැවැසීය.වෙලේ සුදා සමඟ සබඳතා පවත්වන ඔහුගේ ශ්‍රී ලාංකික මිතුරකු ළඟදීම අත්අඩංගුවට ගැනීමට බලාපොරොත්තු වන අතර ඔහු වරින් වර හෝටල් කීපයක ගැවසෙන බව කියවේ.

Rate this item
(0 votes)