May 04, 2024

ටුවර් ඩී ෆ්‍රාන්ස් ජය ඉතාලියේ 'Vincenzo Nibali 'ට

එකසිය එක්වන පාපැදි සවාරිය ඉතාලියේ  Vincenzo Nibali ට ජය හිමිකර දෙමින් නිමවිය.ලොව සුන්දරතම පාපැදි සවාරිය “ප්‍රංශ පාපැදි සවාරිය“ හෙවත් “ටුවර් ඩී ෆ්‍රාන්ස්“ තරඟාවලිය බව කිසිවෙකුට අවධාරණය කළ යුතු නැත. යුරෝ 450000ක් පමණ ජයග්‍රහණය කල Vincenzo Nibalට හිමිවූ අතර එයද ඇතුළත්ව කණ්ඩායමට හිමිවූ සමස්ත ත්‍යාග මුදල යුරෝ මිලියනය දෙකකි. 

1903 වසරේ මැයි මස 31 වනදා   L’Auto නම්  ප්‍රංශයේ  පුවත්පතකට අලෙවි ප්‍රවර්ධනය සඳහා ඇරඹු ප්‍රංශ සවාරිය  පසුව  Amaury Sport Organisation ආයතනය විසින් ඉදිරියට ගෙන ආ අතර මෙවර පාපැදි සවාරිය පැවැත්වුණේ සියවෙනි වරටය.

සෑම වසරකදීම ප්‍රංශ පාපැදි සවාරියේ ගමන් මාර්ගය සහ දුර ප්‍රමාණය වෙනස් වෙයි. ජූලි 5 වනදා ඇරඹුණු මෙවර තරගාවලිය ඊයේ දක්වා අදියර 21 ක් යටතේ පැවැත්වූ අතර දුර ප්‍රමාණය කිලෝ මීටර 3,664 කි.සමතලා අදියර 9ක්, කඳුකර 9ක්,ඉහල කඳු තරණ 6ක් සහ  1 වේග තරගයක්  ඊට ඇතුළත් විය.රටවල් 12කින් කණ්ඩායම් 22ක් මෙවර තරගයට එක්වූ අතර එක කණ්ඩායමකට තරඟ කරුවන් 9ක් සහභාගී විය.

Vincenzo Nibalමෙවර 101වන අවසන් තරගය ජයගත් අතර  1903 වසරේ පළමු තරගය ජය ගත්තේ Maurice Garin ක්‍රීඩකයායි.ලාන්ස් අම්ස්ට්‍රොන්ග් හත්වරක් ශුරතාව දිනාගනිමින් ප්‍රංශ සවාරියේ සළකුණ බවට පත්වුවද  2003 වසරේදී ඔහු තහනම් උත්තේජක ගැනීමේ චෝදනාවට ලක්වීමත් සමග ප්‍රංශ සවාරියේ ඉතිහාසයට මකාදැමිය නොහැකි කළු පැල්ලමක් එක් විය.පිළිකාවකින් තම ජිවන ගමන වසා තිබියදීත් උත්සාහයෙන් නැගීසිටි ඔහු ක්‍රීඩා ලෝලීන් විසින් හඳුන්වා දුන්නේ 'මරණය මරා නැගිටින මිනිසා'ලෙසය.එහෙත් අවසාන ඔහුව හැඳින්වුයේ 'තරගය මරා නැගිටි මිනිසා'ලෙසය.

(සුරංග අල්විස්)

Rate this item
(0 votes)