May 04, 2024
×

Warning

JUser: :_load: Unable to load user with ID: 110

පුතාගේ කොටුවේ බුලත් කැඩූ පියාට පුතාගෙන් අලවංගු පහරක්

පුතෙකු විසින් කරන ලද පහරදීමක් හේතුවෙන් මතුරට දෙහිපේ ප්‍රදේශයේ 74 හැවිරිදි පියෙක් මරණයට පත්වී ඇත. පියා විසින් පුතාගේ බුලත්වැලේ බුලත් කඩා ඇති බව පවසමින් ඇතිවූ ආරවුලක් හේතුවෙන් ඔහුගේ අලවංගු පහර කෑමකට ලක්ව පියා මරණයට පත්ව ඇත.

මෙලෙස මරණයට පත්වූයේදෙහිපේ මැදගම්මැද්ද ප්‍රදේශයේ පදිංචි ආර්.එම්.අප්පුහාමි නම් සත් දරු පියෙකි. සැකකාර පුතා මතුරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු මතුරට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Rate this item
(0 votes)