May 04, 2024

සහීරා විදුහලේ නි.විදුහල්පති දඩයමේ ගිහින් බඩුත් එක්ක මාට්ටු

හම්බන්තොට පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සහ වනජීවි කාර්යාල නිලධාරීන් එක්ව අද අලුයම හම්බන්තොට ගොන්ඔරුව ප්‍රදේශයේ දී සෝදිසි මෙහෙයුමක් සිදු කර දඩයමේ ගිය පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හම්බන්තොට සහීරා විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිවරයාවයි.

අදාළ විදුහල්පතිවරයා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී මස් සඳහා මරණ ලද මී මින්නන් 6 දෙනෙකු සහ කානු දෙකේ ගිනි අවියක්, ජීව පතොරම් 08 ක්, හිස් කොපු 22 ක් සහ තවත් දඩයම් උපකරණ තොගයක්ද සොයාගෙන ඇත.

සැකකරු අදාළ භාණ්ඩ සමග අද හම්බන්තොට මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කරණු ඇති.

රාහුල් සමන්ත - හම්බන්තොට

Rate this item
(2 votes)