May 04, 2024

උතුරේ සිදු වන ලිංගික අතවර හෙළි නොවන බවට චෝදනා

උතුරේ බාලවයස්කාර දැරියන්ට ලිංගික අතවර සිදුකරන පුද්ගලයින්ට එරෙහිව ක්‍රියාත්මක වන නීතිය ප්‍රමාණවත් නැතැයි කියමින් කාන්තා සංවිධාන කිහිපයක සාමාජිකාවන් 100 කට අධික පිරිසක් ඊයේ යාපනය ළමා අධිකරණය ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත විය.

උද්ඝෝෂණයට සහභාගී වූ කාන්තා සංවිධාන සාමාජිකාවන් සිය මුඛයද වසාගනිමින් මෙම අවස්ථාවට සහභාගි වූ අතර එහිදී කාන්තා සංවිධානයක් වූ කාන්තා ක්‍රියාකාරී ජාලයේ යාපනය සම්බන්ධිකරණ නිළධාරිනි රංජනී චන‍ද්‍රසේකරන් කියා සිටියේ

මේ වන විට උතුරු ප්‍රදේශයේ බාලවයස්කාර දැරියන් විශාල ප්‍රමාණයක් හා කාන්තාවන් රැසක්ම ලිංගික අතවරයන්ට ලක්ව ඇති නමුත් ඊට සම්බන්ධ සැක කරුවන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය දැඩි මැලිකමක් දක්වන බවයි.

මෙම උද්ඝෝෂණයට ආසන්නතම හේතුව වී ඇත්තේ යාපනය කරෙයිනගර් ඌරි නැමති ගම්මානයේ බාලවයස්කාර දැරියන් දෙදෙනෙකු දූෂණයට ලක්ව ඇතත් මේ වන තුරුත් අදාල දූෂණයට සම්භන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය අසමත්ව ඇති නිසා වෙනි..

කෙසේ වෙතත් උතුරේ කාන්තා සංවිධානවලින් එල්ල වන මෙම චෝදනාව පිළිබඳව ළමා රක‍ෂණ අධිකාරියේ සභාපතිනි නීතිඥ අනෝමා දිසානායක මහත්මියගෙන් විමසීමේදී ඇය කියා සිටියේ

රටේ පවතින ක්‍රමවේදය තුළ අත්අඩංගුවට ගැනීම හෝ චෝදනා කිරීම සිදු කළ යුතු බවයි.විමර්ශන පක්ෂක්ග්‍රාහී ලෙස සිදු වන්නේ නම්  ළමා රක‍ෂණ අධිකාරයේ 1929 දුරකතන අංකයට දැනුම් දිය හැකි බවයි.

වන්නි - රොමේෂ් මධුෂංඛ

Rate this item
(1 Vote)