May 05, 2024

ගංජා පැමිණිල්ල භාර ගත්තේ මාධ්‍යවේදීන්ගේ විරෝධය නිසයි

තමන් පැමිණි වෑන් රථයට අදාල ගංජා තොගයක් අඩංගු සිගරට් පැකට්ටුවක් දමනු ලැබුවේ යුද හමුදා නිළධාරියෙකු යැයි තමන් දුටු බව පවසමින් එම මාධ්‍ය වේදීන් පිරිස ඕමන්ත පොලීසිට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට ගිය අවස්ථාවේදී ඕමන්ත පොලීසිය විසින් එම පැමිණිල්ල ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මාධ්‍යවේදීන් පිරිස ඒ-9 මාර්ගයේ වාඩි වී ඕමන්ත පොලීසයට දැඩි විරෝධය පෑම හේතුවෙන්  ඕමන්ත පොලීසිය විසින් අදාල පැමිණිල්ල භාර ගත් බව මාධ්‍යවේදීන් පවසයි.

යාපනයේ සහ කිලිනොච්චියේ දෙමළ මාධ්‍ය වේදීන් පිරිසක් කොළඹට ගමන් ගත් වෑන් රථයක් 25දා රාත්‍රියේ වව්නියාව ඔමන්ත සීමා මුරපොළේදී පොලිස් නිළධාරීන් විසින් පරික‍ෂා කිරීමේදී වෑන් රථයේ තිබී ගංජා පැකට්ටුවක් හමු වීම හේතුවෙන් පොලීසිය හා මාධ්‍යවේදීන් අතර දැඩි නොසන්සුන්තාවයක් ඇති විය.

මාධ්‍ය පුහුණු වැඩමුලූවක් සඳහා යාපනයේ සහ කිලිනොච්චි මාධ්‍යවේදීන් 07 දෙනෙකු ගමන් ගත් වෑන් රථයේ කිසිදු ගංජා පැකට්ටුවක් නොතිබුණු බවත් තමන් පැමිණි වෑන් රථය ඕමන්ත සීමා මුරපොලේදී පරික‍ෂා කරන අවස්ථාවේ එම ස්ථානයේ සිටි යුද හමුදා සෙබලෙකු විසින් අදාල ගංජා පැකට්ටුව දැමූ බවට වෑන් රථයේ පැමිණි මාධ්‍යවේදීන් පිරිස එම අවස්ථාවේදී පවසා තිබුණා.

තමන් පැමිණි වෑන් රථයේ ගංජා පැකට්ටුවක් තිබීම හේතුවෙන් ඕමන්ත පොලීසිය විසින් වෑන් රථය සහ එහි රියදුරු රඳවාගත් හෙයින් තමන්ට ඕමන්තේ සිට වෙනත් වාහනයකින් කොළඹට ඒමට සිදු වූ බවත් දෙමළ මාධ්‍ය වේදීන් පිරිස කියා සිටියි.

මේ පිළිබඳව යුදහමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතාගෙන් සිදු කළ විමසීමකදී  කියා සිටියේ  අදාළ චෝදනාව සම්පූරණම අසත්‍යක් වන අතර වෑන් රථයේ තිබුණු දෙයක් සොයැගෙන ඇති බවයි.එයත් පොලිස් නිළධාරීන්ට හමු වී ඇති බවයි ඔහු වැඩි දුරටත් පෙන්වා දෙන්නේ.

ඕමන්ත සීමා මුරපොළට බස් රියකින් පැමිණි පුද්ගලයෙකු විසින් ලබා දුන් තොරතුරක් මත මෙම සෝදිසි කිරීම සිදුව තිබෙන බවත් එය හෙරොයින් සම්බන්ධ තොරතුරක් බවත් සඳහන්  වෙයි. මාධ්‍යවේදීන් කණ්ඩායමක් ගමන් ගන්නා බව දැනගෙන සිදු කළ සෝදියක් නොවන බවද යුදහමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා මේ සම්බන්ධයෙන් පවසයි.

කෙසේ වෙතත් අදාල වෑන රථය මේ වන විට ඕමන්ත පොලීසියේ ඇති අතර එහි රියදුරු ඇප මත නිදහස් කොට ඇති අතරම මේ පිළිබඳව ඕමන්ත පොලීසිය විසින් වැඩි දුර පරික‍ෂණ කටයුතු සිදු කරනු ඇත.

 

වන්නි - රොමේෂ් මධුෂංඛ

Rate this item
(0 votes)