May 22, 2024

බලාගෙනයි.. ගැලැක්සි දුරකතන ගිනි ගන්නා සුලුයි (VIDEO)

ඒරියල් ටොල්ෆ්‍රී නැමති දැරිවිය මෙලෙස  ඇගේ සැම්සුන්ග් ගැලැක්සි S4 වරගයේ ස්මාට්ෆෝන් උපාංගය සිය කොට්ටයට යට තබාගෙන නින්දට යෑම හේතුවෙන් ඇගේ දුරකථනය ඇඳ සහ කොට්ටය දවාලමින් උණු වී ගොස් ඇත.

මීට පෙරත් මෙවැනි අනතුරු කිහිපයක් සිදු වී ඇති අතර ජංගම දුරකතන කොට්ටය යට හෝ ඇඳ උඩ තබා නින්දට යාම අනතුරුදායක බව විවිධ මාධ්‍යවලින් ජනතාව දැනුවත් කර තිබුණි.

නමුත් එවැනි දැනුවත් කිරීම් වලට සවන් නොදීම නිසා මෙම අනතුරකට මුහුණ දීමට ඇයට සිදු වූ අතර ඒරියල්ගේ පියා පවසන්නේ දුරකතනයේ බැටරිය රත් වීම නිසා මෙම අනතුර සිදු වූ බවයි. 

මෙම සිදුවීම සම්බන්ධයෙන් සැම්සුන්ග් සමාගමේ ප්‍රකාශකයෙකු පවසා ඇත්තේ ඇය භාවිතා කර ඇත්තේ සැම්සුන්ග් සමාගම විසින් සපයන බැටරියක් නොවන බවයි.

එමෙන්ම එම සමාගම විසින් සිය නිල වෙබ් අඩවියේ එන වගකීම් සහතික මාර්ගෝපදේශනයෙහි සැම්සුන්ග් නිෂ්පාදනයන් සඳහා සමාගම් විසින් නිකුත් නොකරන බැටරි භාවිතා නොකරන ලෙසත් පෙන්වා දෙයි.

කෙසේවෙතත් සැම්සුන්ග් සමාගම විසින් ඇයට නව දුරකතනයක් ලබාදීමටත් ඇගේ පිළිස්සුණු මෙට්ටය, කොට්ටය සහ ඇඳ ඇතිරිල්ල නැවත සැපයීමටත් ඉදිරිපත් වී ඇති අතර ඔවුන් පවසන්නේ දුරකතනයත් සමඟ ලබාදෙන අත් පොතෙහි ඇති උපදෙස් නිසි ආකාරව පිළිපදින්නේනම් මෙවැනි අනතුරු අවම කරගත හැකි බවයි.

Rate this item
(1 Vote)
Last modified on Sunday, 27 July 2014 14:07