May 21, 2024

නාඳුනන මළ සිරුර හඳුනා ගන්න පොලිසිය සහය පතයි

මහනුවර සුදුහුම්පල ප්‍රදේශයේ ලදු කැලවක තිබී කාන්තා මළසිරුරක්  මහනුවර පොලිසියට ලද තොරතුරක් අනුව සොයාගෙන තිබේ. මෙම මළසිරුර සොයාගන්නා විටද දේහය නරක් වි තිබු බවත් කාන්තාව මිට දින කිපයකට පෙර මියගොස් ඇති බවට ඇයගේ නරක් වි ඇති මළසිරුරෙන් හෙළි වන බවත් පොලිසිය සදහන් කරයි.

මෙම කාන්තාව මැදි වියේ අයකු වන අතර ඇයගේ අනන්‍යතාවය හෙළි කර ගැනිමට පොලිසිය මහජන සහාය පතයි.මෙය ස්වාභාවික මරනයක් ද එසේ නොමැතිනමි මනුෂ්‍ය ඝාතනයක් ද යන්න පොලිසිය පරික්ෂණ ආරම්භ කර ඇති අතර මෙම මළසිරු මෙම ස්ථානයට කිසිවකු හෝ ගෙනවිත් දැමුවාද යන්නත් පොලිසිය සැක පළ කරයි.

මෙම මළසිරුර හදුනා ගැනිම සදහා පොලිසිය මහජන සහාය පතන අතර වැඩි විස්තර මහනුවර පොලිසියේ 081-2222222 හෝ 081-2222223 ලබා ගත හැකි බව ද පොලිසිය සදහන් කරයි.

හේරත් ඒකනායක - මහනුවර

Rate this item
(0 votes)