May 22, 2024

ලාංකීය නිළියෙකුත් උඩු ගුවනේ මරුට

පසුගියදා සිදුවූ මැලේසියානු MH17 ගුවන් අනතුරෙන් ශ්‍රී ලංකාවේ සම්භවයක් ඇති මැලේසියානු සිනමා තරුවක් මියගොස් ඇතැයි විදෙස් වාර්තාවල දැක්වේ.

මෙසේ මියගොස් ඇත්තේ 38 හැවිරිදි සුභාෂිනී ජයරත්නම් නැමැති කාන්තාවකි.

ඇය මැලේසයානු සිනමා තරුවක් මෙන්ම නර්තන ශිල්පිනියක් හා රූපවාහිනී තරුවක් බවද පැවසේ.

සුභාෂිනී ගුවන්යානට ගොඩවී ඇත්තේ ඇගේ එකම දියණිය හා ඕලන්ද ජාතික ස්වාමියා සමඟ බවද විදෙස් වාර්තාවල දැක්වේ.

ක්වාලාලාම්පූර්හි පදිංචිකාරියක් වන ඇය එම ගුවන් ගමනට සහභාගිවීමට දින දෙකකට පෙර ඇමස්ටර්ඩෑම්හිදී ඇගේ 38 වැනි උපන්දිනයද ස්වාමියා හා දියණිය සමඟ සමරා තිබේ.

සුභාෂිනී ඇමස්ටර්ඩෑම් වෙත ගොස් ඇත්තේ ඇගේ ස්වාමියාගේ පවුලේ අයට ඇගේ දින 21ක් වයැසැති සිඟිති දියණිය වන කේල් මායා (Kyla Maya) පෙන්වීමටය.

 

Rate this item
(0 votes)
Last modified on Sunday, 27 July 2014 17:56