May 21, 2024

කඩොලාන තර්ජනයට විසඳුම් ගෙනෙයි.

ජනතාවගේ විවිධ ක්‍රියාකාරකම් හේතුවෙන් මෙරට කඩොලාන පද්ධතීන් සීඝ්‍ර ලෙස විනාශයට පත් වන බව වාර්තා වෙයි.

ශ්‍රී  ලංකාවේ දැනට ඇති කඩොලාන ශාක විසි එකක්  සංරක්ෂිත ශාක ලෙස  වන ආඥාපනත යටතේ නීතිමය ආවරණය ලබාගැනීමට යෝජිතය මල් කඩොලාන, කිරි මකුලු, මුහුදු වරා යන කඩොලාන ව්‍යාප්ති සීමිත ශාක විශේශ වන අතර මින් ශාක කොටස් වැඩි ප්‍රමාණයක් අහාර සහ ඖෂධ හා දේශීය පර්යේෂණ සදහා ප්‍රයෝජනයට ගැනීම හේතුවෙන් විනාශ වෙයි.

පසුගිය විසි වසර තුළ ඉස්සන් කර්මාන්තය පැතිරයාමත් සමග විශාල වශයෙන් කඩොලාන ශාක පරිසර පද්ධතියට හානි සිදු විය. මේ හේතුවෙන් කඩොලාන ආරක්ෂා කිරීමට නව නීතිරීති අවශ්‍ය බවයි පරිසරවේදීන් පෙන්වා දෙන්නේ.

ඒ අනුව කඩොලාන සංරක්ෂණ දිනය ප්‍රකාශයට පත් කිරීම හා කඩොලාන පරිසරය සංරක්ෂිත පරිසර පද්ධතියක් ලෙස ප්‍රකාශයට පත් කිරීම හලාවත පම්බලදී සිදු කෙරිණි. ඒ පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන්.

කඩොලාන පරිසර පද්ධතියක් ලෙස නීතියෙන් පිළිගැනිම සංකේතවත් කෙරෙන සමරු ඵලකය නිරාවරණය කිරීම හා කඩොලාන සංරක්ෂිත දිනය ප්‍රකාශයට පත් කරමින් කඩොලාන පැලයක් රෝපණය කිරීමද සුසීල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයාගේ සුරතින් සිදු විය. ඒ අනුව සෑම වසරකම ජුලි මස 26 වැනි දා කඩොලාන සංරක්ෂිත දිනය ලෙස නම් කෙරෙනු ඇති.

හලාවත - ප්‍රසාද් පූර්ණිමාල්

Rate this item
(0 votes)