May 22, 2024

ගුවන් හමුදා සෙබලුන්ට "මත්පැන් තහනම්"

දකුණු කොරියාවේ සේවය සඳහා යොදවන අමෙරිකානු ගුවන් හමුදා සෙබලුන්ට එරටට පැමිණ මාසයක් යන තුරු මධ්‍යසාර මිලදී ගැනීම හෝ පානය කිරීම තහනම් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දකුණු කොරියාවේ අමෙරිකානු ගුවන් හමුදා අණ දෙන නිලධාරී ජනරාල් ජාන් මාක් ජොවාස් මෙම තීරණය ගෙන ඇත්තේ තමන් පැමිණෙන මෙහෙවරේ අවදානම පිළිබදව සෙබලූන් දැනුවත් කිරීමට බව වාර්තා වෙයි. 

එමෙන්ම මධ්‍යසාර පානය කොට ලිංගික අපචාරවල නිරත වීම වළක්වාලීමට ද එමගින් අපේක්ෂා කෙරේ.

උතුරු කොරියාව පසුගිය මාසය තුළ මිසයිල අත්හදා බැලීම් කිහිපයක් සිදුකළ අතර දකුණු කොරියාවට පැමිණෙන අමෙරිකානු සෙබලූන්  ඕනෑම මොහොතක සටනට සූදානම්ව සිටිය යුතු බව ගුවන් හමුදා ප‍්‍රධානියා සදහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

Rate this item
(0 votes)