May 03, 2024

රජරට සරසවියට මව්පියන් සිහිවෙයි

රජරට විශ්වවිද්‍යාලය නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට දෙමාපිය රැස්වීමක් කැඳවා ඇති බව එම විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය රංජිත් විජේවර්ධන මහතා පවසයි.

එම රැස්වීම ලබන සඳුදා පැවැත්වෙන බවත් පාලක සභාවේ කමිටුවක් විසින් මේ සභාව පවත්වන බවත් එම සාකච්ඡාවෙන් පසු විශ්වවිද්‍යාලය විවෘත කිරීමේ දිනය තීරණය කරන බවත් හෙතෙම සඳහන් කළේය.

විශ්වවිද්‍යාලය නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මෙලෙස මව්පියන් කැඳවීමට හේතුවූයේ සිසුන්ට සමාව ලබා දී විශ්වවිද්‍යාලය නැවත විවෘත කරන්නැයි ජනාධිපතිවරයා ද 25වැනි දා ලබාදුන් උපදෙස් නිසා බව උපකුලපතිවරයා පෙන්වාදුන්නේය.

 

Rate this item
(0 votes)