May 04, 2024

කොළඹ පාසල් මඟහරී

ඉදිරියේදී ද්විතීයක පාසල්වලට බෙදී යන සංඛ්‍යාව අනුව කොළඹ ප්‍රධාන පාසල්වලට ඇතුළත් වන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත් සිසුන් සංඛ්‍යාව තව තවත් අඩුවේවි යැයි අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසූවේ පසුගියදා පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

හිස් වන පන්ති කාමයරට ප්‍රමාණය අනුව ළමුන් ඇතුළත් කර ගන්නා බවත් දෙමාපියන්ගේ වාර්ෂික ආදායම රුපියල් 54,000ට අඩු අයට ශිෂ්‍යාධාර හිමි වන බවත් හෙතෙම සඳහන් කළේය.

සපත්තු, නිල ඇදුම් ලබා දෙන අතර ශිෂ්‍යාධාර ලෙස මාසිකව රුපියල් 500.00 මුදලක් ද හිමි වන නිසා මේ ශිෂ්‍යාධාර ප්‍රමාණය ප්‍රමාණවත් වන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

Rate this item
(0 votes)