May 04, 2024

උතුරු කොළඹ තැබූ නවතම වාර්තාව මෙන්න

ලංකාවේ වැඩිපුර ම ජලය හොරෙන් ගන්නේ උතුරු කොළඹ ප්‍රදේශයේ බව ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

කොළඹ මහ නගර සභාව යටතේ ජලය බෙදාහැරීම කළ උතුරු කොළඹ  ප්‍රදේශයේ ජලය හොරා ගැනීම නතර කිරීමට එම ප්‍රදේශයේ බෙදාහැරීම මණ්ඩලයට පවරා ගෙන රුපියල් බිලියන 2.2ක් වැය කර අලුතින් නළ එළීම ලබන මස ආරම්භ කරන බවත් මේ අනුව රුපියල් බිලියන 1.5ක් අලුතින් ආදායමක් උපයා ගැනීමට අපේක්ෂිත බවත් මෙය ජාතික ආදායමට විශාල මුදලක් වන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

පානීය ජලයේ මිල වැඩිකිරීමට ජල සම්පාදන මණ්ඩලයේ කිසිදු අපේක්ෂාවක් නොමැති බව ද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

 

Rate this item
(0 votes)