May 04, 2024

මුලතිව් පොලීසියේ පිපිරීමක්

මුලතිව් පොලිස් ස්ථානයේ නේවාසිකාගරය ආසන්නයේ පිපිරීමක් සිදුව ඇතැයි වාර්තා වෙයි.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය පැවසුවේ ඊයේ (26) පස්වරුවේ නේවාසිකාගාරය අවට ප‍්‍රදේශය ශුද්ධ පවිත‍්‍ර කරමින් සිටි පිරිසක් එම ස්ථානයේ කසල ගොඩකට ගිනි තබා ඇති බවයි.

ඉන් අනතුරුව එම ස්ථානයේ පිපිරීමක් සිදුව ඇති අතර පිපිරීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බව වාර්තා වෙයි.

පුපුරාගියේ කුමක්දැයි මුලතිව් පොලීයි වැඩිදුර පරීක්ෂණ පවත්වන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශ කාර්යාලය වැඩිදුරටත් පැවසී ය.

Rate this item
(0 votes)