May 04, 2024

නිදහස් පක්ෂයේ කැරැල්ලක්

ශ්‍රීලනිපය බේරා ගැනීමේ ව්‍යාපාරය නමින් සංවිධානයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ බිහි වී ඇතැයි තොරතුරු වාර්තා වෙයි. මේ බව හෙළි වී ඇත්තේ මෙම වැඩපිළිවෙලට එකඟ නොවන ශ්‍රීලනිප ප්‍රධානියෙකු විසින් සිදු කරන ලද හෙළිදරව්වකට අනුවය.

මෙම කණ්ඩායම දැනට කරුණු  15 කින් යුතු වැඩපිළිවෙලක් ද සකසා අවස්ථා කිහිපයකදීම සාකච්ඡා පවත්වා ඇතැයිද හෙළි වී තිබේ.

මෙලෙස ඉහළ පෙළේ නායකයින් පිරිසකට විරුද්ධව සංවිධාන වන මෙම පිරිස පිළිබඳ මුනිවත රකිමින් හිඳින පිරිසක්ද සිටින අතර එසේ නොකරන නමුත් වත්මන් රජය දැඩි ලෙස විවේචනය කරන ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ගෙන් පනහකට අධික පිරිසක්ද වන බවයි වාර්තා වෙන්නේ.

නමුත් එම සංඛ්‍යාව තුළ ඔත්තුකරුවන් සහ පක්ෂය බේරා ගැනීමේ වැඩපිළිවෙලට සහයෝගය ලබා දෙන පිරිස් වශයෙන් දෙකොටසක්ද වන බවයි මන්ත්‍රීවරයා සඳහන් කර ඇත්තේ.

මෙම මන්ත්‍රීවරුන්ගෙන් බහුතරයක් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සමග සමීප සබඳතා පැවැත් වූ අයද වීම විශේෂත්වයකි.

Rate this item
(0 votes)