May 06, 2024

රාජ්‍ය සේවයේ නිලධාරීන් දෙපිරිසක් අතර අනවශ්‍ය මත ගැටුමක්

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ මැදිහත් වීමෙන් සිදු කළ වැටලීමක් සදහා පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් ප්‍රසාදය දිනා ගැනීමට දරණ උත්සහායට විරෝධය පළ කරන බව එම සංගමය පවසයි.

ඒ කල්ඉකුත් වු ටින් මාලු තොගයක් වෙළඳපොළට නිකුත් කිරීමට කළ උත්සාහයක් අනාවරණය කරගනීමක් සම්බන්ධයෙන්.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පෙන්වා දෙන්නේ අදාළ වැටලීම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ මැදිහත් වීමෙන් සිදුකළ බවයි.කල් ඉකුත්වු ටින් මාලු තොගයේ පළමු කොටස පරිසරයට හානි නොවන අයුරින් වළදමා බැහැර කර දෙවන තොගය අදාළ ස්ථානයට ප්‍රවාහනය කරමින් තිබිය දී පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් පිරිසක් එම ස්ථානයට පැමිණ මෙම අසත්‍යය ප්‍රකාශය සිදුකර ඇති බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් චෝදනා කරයි.

පාරිභෝගික අධිකාරියේ ඇතැම් නිලධාරීන්ගේ මෙවැනි ක්‍රියා කලාපය හේතුවෙන් රාජ්‍ය සේවයේ නිලධාරීන් දෙපිරිසක් අතර අනවශ්‍ය මත ගැටුමක් හටගෙන ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි

Rate this item
(0 votes)
Last modified on Saturday, 26 July 2014 16:52