May 06, 2024

ඇමති එස්. බී ගේ හැදුවේ රාජසිංහ රජුගේ භාණ්ඩාගාරය උඩ

උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතාට අයත් හගුරන්කෙත පිහිටා ඇති පාරම්පරික වලව්වේ මැදමිදුලෙහි රාජසිංහ රජු සතු වූ භාණ්ඩාගාරය ඇති බවට තොරතුරු හෙළි වෙමින් පවතින බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා පවසයි.

ශ්‍රී වික්‍රම රාජසිංහ රජ පරම්පරාවට ලේ නෑකම් කියන පුරුකක් ලෙසද අමාත්‍ය එස්. බී දිසානායක මහතා හැඳින්වෙයි.{module LOLC}

ඓතිහාසික තොරතුරු හෙළි කරන ග්‍රන්ථ කිහිපයකම රාජසිංහ රජුට අයත් යැයි පැවැසෙන මෙම හඟුරන්කෙත වලව්වේ මැද මිදුලෙහි රජුගේ භාණ්ඩාගාරය තිබූ බව සඳහන් වන බවත් පාරම්පරිකව විවිධ පුද්ගලයන්ට හිමි වූ එම වලව්වේ අයිතිය මේ වනවිට ඇත්තේ උසස් අධ්‍යාපන අමාත්‍ය එස්. බී. දිසානායක මහතාට බවත් පුරා විද්‍යාඅධ්‍යක්ෂ ජනරාල් දිසානායක මහතා සිය සමීක්ෂණයන් ඔස්සේ තහවුරු කරයි.

රොබට් නොක්ස් විසින් රචිත ‘එදා හෙළදිව’ ග්‍රන්ථයේද මෙම හඟුරන්කෙත වලව්ව පිළිබඳ සඳහන් වන බවද රාජසිංහ රජුගේ භාණ්ඩාගාරය එවකට එහි මැද මිදුලේ භූගත උමඟක යොදුන් දෙකක් පමණ දිගින් යුත් භූමියක පිහිටුවා ඇති බවද එම පොත පතෙහි සඳහන්ව ඇති බව හෙතෙම පවසයි.අද වන විට එස්. බී. දිසානායක අමාත්‍යවරයාට අයත් මෙම වලව්ව අතීතයේ රජුගේ භාණ්ඩාගාරය හිමි අමාත්‍යවරයා භාරයේ පැවැති බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙයි.

Rate this item
(0 votes)
Last modified on Monday, 28 July 2014 12:19