May 07, 2024

සක්විති අපචාරයට සක්විත්තෙක් නොවේ

1998 වසරේ 03 වන මස 30වන දින හෝ ඊට අදාළ දිනක එවකට බාල වයස්කාර දැරියක වූකුමාරි අනුරාධිනී යන අය නීත්‍යානුකූල භාරකාරිත්වයෙන් ඉවත් කිරීම හා ලිංගිකබලහත්කාරයට ලක්කිරීම යන චෝදනා සම්බන්ධයෙන් සක්විති රණසිංහ නැමැත්තාට එරෙහිව වූ නඩුවේ විභාගයක් ඊයේ යලිත් සිදු විය.මහාධිකරණ නීතිපති විසින් මෙමනඩුන ගොනු කර තිබුණි.

එහිදි සක්විතිරණසිංහ මේ වන විට ඔහු විසින් ලිංගික බලහත්කාරයට ලක් කළ කුමාරි අනුරාධිනී යනඅය විවාහ කර‍ගන ඇති බවත් ඒ නිසා ඒ අනුව අදාළ චෝදනාව ඉල්ලා අස්කරගන්නාලෙසත් ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රවීන්ද්‍ර සෙනරත් කොළඹ මහාධිකරණවිනිසුරු දේවිකාද ලිවේරාගෙන් ඉල්ලා සිටියේය.

ඔහු මෙම ඉල්ලීම කළේ සක්විති රණසිංහට එරෙහිව මහාධිකරණ නීතිපති විසින් ගොනුකළ නඩුවයළිත් විභාගයට ගන්නා අවස්ථාවේදීය.මෙහිදී ඔහු වැඩිදුරටත් කියාසිටියේ මේ වන විට ඔවුන්ට දරුවන් දෙදෙනෙකු සිටිනබවයි.

Rate this item
(1 Vote)