May 06, 2024
×

Warning

JUser: :_load: Unable to load user with ID: 110

බ්‍රිගේඩියර්වරයකුගේ පුටු පහරින් ලූතිනන් රෝහලේ

පලාලි යුද හමුදා ගොවිපොළට අනුයුක්තව රාජකාරි කරමින් සිටි පොදු සේවා බල ඇණියට අයත් ලූතිනන්වරයකුට එම කඳවුරේ දී බ්‍රිගේඩියර්වරයකු පුටුවකින් පහර දීමෙන් තුවාල ලබා පලාලි හමුදා රෝහලේ ප‍්‍රතිකාර ලබන බව ආරංචි මාර්ග පවසයි.

ලූතිනන්වරයා මෙම පහර කෑමට ලක්ව ඇත්තේ අසනිප වීම නිසා වෛද්‍ය නිර්දේශ මත නිල ඇදුම් රහිතව විවේක සුවයෙන් සිටිය දීය. බ්‍්‍රගේඩියර්වරයා විසින් පෙරේදා (23) පස්වරුවේ මෙම ලූතිනන්වරයා කිසියම් අවශ්‍යතාවකට කැඳවා ඇති බවත් එහි දී ක‍්‍රීඩා ඇදුම ඇඳගෙන පැමිණි බවට චෝදනා කරමින් බැණ වැදී අසළ තිබූ පුටුවක් උස්සා මෙම පහර දීම සිදු කොට ඇති බවත් හමුදා ආරංචි මාර්ග වලින් පැවසේ

කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පල කරන හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බ්‍්‍රගේඩියර් රුවන් වනිගසූරිය මහතා පවසන්නේ පලාලි කඳවුරේ ලූතිනන්වරයකුට එලෙස කිසිදු පහර දීමක් සිදු වී නොමැති බවයි.

කිසියම් වැඩමුළුවක් සඳහා නිළධාරීන් පිරිසක් කැඳ වූ අවස්ථාවේ මෙම ලූතිනන්වරයා නිල ඇදුමෙන් තොරව ප‍්‍රමාද වී එම ස්ථානයට පැමිණ ඇති බවත් එවිට ඔහුට තරයේ අවවාද කර ඇති බවත් එහි දී කිසිදු පහර දීමක් සිදුව නොමැති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

Rate this item
(0 votes)
Last modified on Saturday, 26 July 2014 14:46